පැය 4ක විදුලි කැපිල්ලක් එනවාලු

එළැඹෙන මාර්තු මාසය වන විට දිනකට පැය හතරක් විදුලිය කැපීමේ අවදානමක් ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

එම තත්වය උදා නොවීම සදහා නම් දැන්ම සිට පැය එක හමාරක කාලයක් දෛනික විදුලිය කප්පාදුවක් සිදු කලයුතු බවද ඔහු පැවසීය.

එසේ කටයුතු කලහොත් මීළඟ වැසි කාලය වන විට විදුලිය කළමනාකරණය කළ හැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.

පැය 24ම විදුලිය ලබාදීමට දරන උත්සාහයෙන් සිදුවන්නේ මාර්තු මාසය වන විට ශ්‍රී ලංකාව බරපතළ බලශක්ති අර්බුදයකට ගමන් කිරීම බවද හෙතෙම කියා සිටියේය.

‘කවුරු හරි ඇවිල්ලා කියනවා නම් අපිට ඇති වෙන්න ඩොලර් තියෙනවා, අපිට ඇතිවෙන්න රුපියල් තියෙනවා, ආණ්ඩුවට කිසි ප්‍රශ්නයක් නෑ කිව්වොත් ජනතාවත් කල්පනා කරනවා මොන එහෙකට ද අපි ඉතිරි කරන්න යන්නේ කියලා. අපිත් ජොලියේ ජීවත් වෙන්න ඕනේ කියලා. අපි දැන් පැය 24 ම විදුලිය දෙන්න උත්සහයෙන් මට තේරෙන විදියට නම් මාර්තු අග වනවිට කොහෙන් හරි ලොකු ඩොලර් ණයක් ගත්තොත් පොළියත් එක්ක ආපහු ගෙවන්න වෙනවා. එහෙම නැතුවුණොත් අපිට පැය 4ක විතර විදුලි කැපීමකට යන්න වෙනවා මාර්තු අග වෙද්දි. ඊට වඩා හොඳ නැද්ද අපි ඊළඟ වැස්ස එනතුරුම පැය එක හමාර ගානේ කපාගන්න තැනකට ගියොත්. දවස් දෙකක් හොඳ හෝටලයකින් කාලා දවස් 28ක් බඩගින්නේ ඉන්නවා ද? එහෙම නැත්නම් එළවළු පළතුරු ටික කඩෙන් ගෙනල්ලා ගෙදර උයාගෙන කාලා දවස් 30 වේල් තුනම කනවා ද කියලා ප්‍රශ්නයක් තමා දැන් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නයේ දී හැමෝම කැපකිරීම් කළ යුතු වෙනවා. කැපකිරීම් කරන්න නම් ප්‍රශ්නයක් තියෙනවා යන්න ජනතාව දැනගන්න ඕනේ. දෙක මෙහෙම කැපකිරීම පිළිබඳ ආදර්ශය දේශපාලන නායකයෝ දෙන්න ඕනේ’

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ළමා නිවාසයේ දරුවන්ට අවුරුද්දට පියෙක් වුණ මහවැලි තාත්තා.."මෙයාලට අම්මලා තාත්තලා නෑනේ"
04:57
Video thumbnail
මේ මනුස්සයා Highway Wrong Side යන හැටි..මෙහෙම මිනිස්සු නිසා තමයි අනතුරු වෙන්නේ..
00:55
Video thumbnail
අනුරට කළ්‍යාණ මිත්‍රයව හපන්න ඉබින්න ගොඩක් කල් තිබ්බා..ගල් අඟුරු හපන්න ඕනි නෑ l Dilith Jayaweera
08:43
Video thumbnail
චීවර දාගත්ත නිකන් මිනිස්සු - වැරදි වැඩ මේ
00:57
Video thumbnail
උතුරේ ඉන්න භික්ෂූන්ට බලපෑම් කරනවා - කස්සප හිමි සියල්ල හෙළිකරයි..උතුරෙන් පලවා හැරීමේ ක්‍රියාවක්
11:49
Video thumbnail
හදවත් රෝගය නිට්ටාවට සුව කරන එකම තැන - "හබරකඩ වෙද ගෙදර"
02:37
Video thumbnail
"චීවර දාගත්ත නිකන් මිනිස්සු - වැරදි වැඩ මේ" සලේට අත්සන් ලක්ෂ‍යක් ලබා ගද්දි දැඩි උණුසුම් තත්ත්වයක්
01:58
Video thumbnail
අනුර අද තමන් හදපු ප්‍රබන්ධයේම හිරකාරයෙක් වෙලා..අනුරගෙ මර්දනවලට අපි බය වෙන්නේ නෑ
05:20
Video thumbnail
මහා ප්‍රහාර මාලාවක් ලොව කලඹයි..සටන් විරාමය මැද්දේ ට්‍රම්ප් හමුදාවට යැවූ රහස් පණිවිඩය හෙළිවෙයි
06:28
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
08:43:46