පැය 24ක් තුළ ප්‍රදේශ ගණනාවක් යටවෙයි – කැලණි ගඟ අවට ජනතාවට ඉදිරි පැය 48 තීරණාත්මකයි (නිවේදනය හා වීඩියෝ)

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඊයේ (10) පස්වරුවේ සිට ඇදහැලුණු මිලිමීටර් 75ට වැඩි තද වැසි හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්ව ඇති ව තිබෙන බවට වාර්තා වනවා.

දකුණු පළාතේ ගාල්ල- උඩුගම සහ මාපලගම ප්‍රදේශවලට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගිං ගඟේ ජල මට්ටම මේ වන විට ඉහළ ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් මාපලගම ප්‍රදේශයේ පහත් බිම් කිහිපයක්ම ජලයෙන් යට වී ඇති අතර මාපලගම – ගෝනලගොඩ මාර්ගය ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට බාධා ඇති වී තිබෙන බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැලවත්ත, වැල්මීගොඩ, කුම්බදුව යන ප්‍රදේශවල ප්‍රධාන මාර්ග සහ එම අවට අතුරු මාර්ග සියල්ලන්ම ජලයෙන් යට වී තිබෙනවා.

මෙම ගංවතුර තත්ත්වය නිසා පැලවත්ත මතුගම මාර්ගයේ ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වුණා.

ප්‍රදේශයේ නිවාස කිහිපයක් ජලයෙන් යටවීම නිසා ජන ජීවිතයට ද විශාල ලෙස බාධා ඇති ඇති ව තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කළුතර – හිල්වීදිය ප්‍රධාන මාර්ගයේ බෝතුවත්ත ප්‍රදේශයෙන් ඇති වී තිබෙන සුළු ගංවතුර තත්ත්වය හේතුවෙන් එම මාර්ගයේ ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

යටියන්තොට අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව නිසා අවිස්සාවේල්ල – පුවක්පිටිය, ධර්මපාල මාවත සහ අවිස්සාවේල්ල කොළඹ මාර්ගය මිරිස්වත්ත- පුවක්පිටිය ප්‍රදේශයෙන් ජලයෙන් යට වී ඇති බවත් ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති බවයි.

එමෙන්ම කැලණි ගං දෝණිය අවට සිටින ජනතාවට ගංවතුර අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ; ඉදිරි පැය 48ක කාලය තුළ දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල යන පහත්බිම්වලට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි අතර ඒ පිළිබඳ ව දැඩිව අවධානයෙන් කටයුතු කරන ලෙසයි.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ අද දිනයේ දී ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150කට අධික වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බවත් වායුගෝලයේ කැලඹීම් තවදුරටත් පැවතීම මීට හේතුවක් වී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30
Video thumbnail
යුද්දය අස්සේ සුද්දය දෙන NPP ආණ්ඩුවේ ඩෝබිලා..දෙන්නෙම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුනේ
08:08
Video thumbnail
පෞද්ගලික සමාගමක ගබඩාවකින් මතුවූ නීති විරෝධි ඉන්ධන තොගය
01:26
Video thumbnail
පොලිස් සැරයන්වරයෙකු අත්වූ ඛේදනීය ඉරණම..ගර්භනී බිරිද, පුතු තුවාල ලබා රෝහලට
01:04