පැමිණිල්ලක් විභාගයට ගිය පොලිස් නිලධාරියෙකුට පහරදුන් 4ක් අත්අඩංගුවට

පැමිණිල්ලක් විභාග කිරීමට ගිය කොස්තාපල්වරයෙකුට පහර දී, ට්‍රැක්ටර් රථයකට යට කිරීමට තැත් කළ පියා සහ පුතුන් තුන් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද දහවල් හොරොව්පොතාන, යාන්ඔය හංදියේ දී යි සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරොව්පොතාන රත්මලේ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 50, 31, 29, 22 යන වයස්වල පසු වූ පියෙකු සහ පුතුන් තිදෙනෙක්‌.

ග්‍රාම නිලධාරීවරයෙකු විසින් සැකකරුවන්ට එරෙහිව කරන ලද පැමිණිල්ලක් විභාග කිරීමට ගිය අවස්ථාවේ දී යාන්ඔය හංදියේ පිහිටි සැකකරුවන්ගේ නිවස ඉදිරිපිට දී පොලිස් නිලධාරියාට මෙම පහරදීම සිදුව තිබෙනවා.

යාන්ඔය හංදිය ප්‍රදේශයේ පිහිටි තම ඉඩමට පිවිසෙන මාර්ගයේ තිබූ බෝක්කු බට 3ක් පසුගිය දා පැවැති අධික වර්ෂාවත් සමඟ ගලවා ඉවත් කළ අතර, ජලය බැස යාම හේතුවෙන් නැවත තමන් එම බෝක්කු බට සවිකිරීමට යාමේදී සැකකරුවන් ඊට එරෙහි වීම හේතුවෙන් ග්‍රාම නිලධාරිවරයා දින කිහිපයකට පෙර පොලිසියට පැමිණිලි කර ඇතැයි සඳහන්.

කොස්තාපල්වරයා පහරකෑමට ලක්ව ඇත්තේ එම පැමිණිල්ල විභාග කිරීමට ගිය අවස්ථාවේදී යි.

සැකකරුවන් කොස්තාපල්වරයාට පහර දී අතේ බැඳි ඔරලෝසුව හා නිල ඇඳුමේ බොත්තම් කීපයක් කඩා දමා ට්‍රැක්ටර් රථයකට යට කිරීමට උත්සාහ කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

පහරකෑමට ලක්වූ කොස්තාපල්වරයා අද දහවල් ප්‍රතිකාර සඳහා හොරොව්පොතාන රෝහලට ඇතුළත් වී තිබුණා.

සැකකරුවන් හෙට කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

හොරොව්පතාන පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40