පැතුම් බංගලීන්ට එරෙහිව ටෙස්ට් ලකුණු 1000 සීමාව ශතකයකින් ම සපුරා ගනියි

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ජාත්‍යන්තර ටෙස්ට් ලකුණු 1000 සීමාව පසුකර යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත් වුණා.

දෙරට අතර මේ වනවිට (19) පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශක්තිමත් අත්තිවාරමක් ලකුණු පුවරුවට ගොඩනගමින් පැතුම් විශිෂ්ට ටෙස්ට් ශතකයක් ද ලබා ගනිමින් මෙම දක්ෂතාව දැක්වූවා.

පැතුම් මෙලෙස ලබා ගත්තේ සිය තෙවැනි ටෙස්ට් ශතකයයි.

ඊට හතරේ පහර 13ක් සහ එක් හයේ පහරක් ඇතුළත්.

වැය වූ පන්දු ගණන 138ක්.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 181ක් ලබා සිටිනවා.

දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 48 යි.

දෙවැනි කඩුල්ලට පැතුම් හා චන්දි අතර ලකුණු 134ක නොබිඳුණු සබඳතාවක් ගොඩනැගී තිබෙනවා.

පළමු කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 29ක් අතැතිව සිටි ළහිරු උදාරයි.

බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන්ම දැවී ලකුණු න්495ක් ලබා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
9
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?