පැතුම්ට ක්‍රිකට් ආයතනයෙන් ලොකු මුදල් ත්‍යාගයක්

පැතුම් නිශ්ශංකට රුපියල් මිලියන ගණනක මුදල් ත්‍යාගයක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වනවා.

එක්දින ජාත්‍යන්තර තරයකදී ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු ශ්‍රී ලංකා පිතිකරු ලෙස ඔහු පසුගියදා ඉතිහාසයට එක්වුණා.

ඒ අනුව, පෙරේදා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභා රැස්වීමේදී පැතුම් නිශ්ශංකට දිරි දීමනාවක් ලෙස විශාල මුදල් ත්‍යාගයක් ලබා දිය යුතු බවට යෝජනාවක් සම්මත වී තිබෙනවා.

එම තෑගි මුදල කොපමණද යන්න නුදුරේදීම ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වනවා.

ඇෆ්ගනිස්තානයට එරෙහිව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය බලා සිටියදීම ශ්‍රී ලංකාවේ වැඩිම එක්දින ලකුණු රැස්කළ පිතිකරුගේ වාර්තාව ද බිඳ හෙළීමට පැතුම් නිශ්ශංක සමත් වුණා.

ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් දිරිමත් කිරීමේ අරමුණින් හා නැඟී එන ක්‍රීඩකයන්ට ආදර්ශයක් ලබා දීම වෙනුවෙන් මේ දිරි දීමනා ප්‍රදානය සිදු කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වන්නේ.

මේ අතර, එළඹෙන බංග්ලාදේශය සමඟ තරග සංචාරයේදී පැතුම් නිශ්ශංක විවේක ගැන්වීමටත්, ඔහු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා ආරක්ෂා කර ගැනීමත් ක්‍රිකට් කළමනාකාරිත්වයේ අදහස වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
38
+1
7
+1
9
+1
4
+1
2
+1
8
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?