AFC Banner
AFC Banner
Empty Ad

පැට් කමින්ස් ගේ මව අභාවප්‍රාප්ත වෙයි

ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායක පැට් කමින්ස් ගේ මව අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ සිඩ්නි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

ඉන්දීය තරග සංචාරයේදී 02 වන සහ 03 වන ටෙස්ට් තරගවලින් ඉවත්ව නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමට පැට් කමින්ස් කටයුතු කලේද මවගේ රෝගී තත්වය හේතුවෙනුයි.

මේ අතර අහමදාබාද් හිදී අද ආරම්භ වූ 04 වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කලු පටි පැළඳ ශෝකය පළකිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් කටයුතු කර තිබෙනවා.

සිය මවගේ අභාවය හමුවේ, ලබන 17 වනදා ආරම්භවීමට නියමිත ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියෙන්ද පැට් කමින්ස් ඉවත්ව ඇති බව ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?