පැට්ටාව මරා දමන්න පැහැරගෙන ගිය යතුරුපැදිය සොයාගැනේ

කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ දී බුද්ධික ප්‍රසාද් නොහොත් ‘පැට්ටා’ නැමැති පුද්ගලයා වෙඩිතබා ඝාතනය කිරීමට ඔහුව පැහැරගෙන ගිය යතුරුපැදිය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඊයේ (16) නවගමුව පොලිස් වසමේ සේදවත්ත කළු පාලම අසල දී සිදුකළ සෝදිසි මෙහෙයුමක දී මෙම යතුරුපැදිය එම බලකාය භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එහිදී කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, යතුරුපැදිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නවගමුව පොලිස් ස්ථානය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ලෙස හඳුන්වමින් පසුගිය 10 වනදා නවගමුව පොලිස් වසමේ අංක 55/54/01, ගලබඩවත්ත, කොරතොට, කඩුවෙල යන ලිපිනයේ පිහිටි නිවසට පුද්ගලයින් දෙදෙනෙක් පැමිණ එහි පදිංචිව සිටි බුද්ධික ප්‍රසාද් නොහොත් ‘පැට්ටා’ නැමැති පුද්ගලයාව පැහැරගෙන ගොස් තිබුණා.

පසුව එම පුද්ගලයාව කොරතොට, වැලිහිංතුඩුව, මහවෙල පාලම අසළ දී වෙඩි තබා සැකකරුවන් පළාගොස් තිබූ බවයි අනාවරණය වුණේ.

එහිදී බරපතළ තුවාල ලබා සිටි ‘පැට්ටා’ නැමැති පුද්ගලයා අතුරුගිරිය රෝහලට ඇතුළත් කළ අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීමෙන් පසු මියගොස් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59

?