පාස්පෝට් කන්තෝරුවෙන් නිවේදනයක් (නිවේදනය)

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනය ප්‍රකාරව එහි දැක්වෙන්නේ වර්තමානයේ පවතින සැබෑ තත්ත්වය පෙන්වාදීම සඳහා මෙන්ම අර්බුදය විසඳීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැන දැනුවත් කිරීමට මෙම නිවේදනය නිකුත් කර ඇති බවයි.

ජනතාව විසින් තෝරාපත් කරගත් ජනාධිපතිවරයාව අසීරුතාවට පත්වීමට දෙපාර්තමේන්තු ඉහළ පරිපාලනය විසින් ලබා දුන් සාවද්‍ය තොරතුරු හේතු වූ බව ද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

සංඛ්‍යා දත්ත, තොරතුරු සියල්ල දෙපාර්තමේන්තුව සතුව තිබිය දී රජයේ සමස්ත කාර්යභාරයෙන් තුනෙන් එකක ප්‍රමාණයක් ආවරණය කළ යුතු අතිශය භාරදුන් කාර්යභාරයක නියැලී සිටින විෂයභාර අමාත්‍යවරයාට කොතරම් කටුක වුව ද විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම හා සම්බන්ධව පවතින සත්‍ය තත්ත්වය දෙපාර්තමේන්තු බලධාරීන් විසින් අනාවරණය නොකිරීම කනගාටුවට කරුණක් බව ද ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය නිවේදනයෙන් සඳහන් කරනවා.

පැරණි දේශපාලන අධිකාරියේ හිතවත්කම් මත තනතුරු ලබාගත් ඉහළ කිහිපදෙනෙකුගේ අත්තනෝමතික කටයුතු ඒ ආකාරයෙන්ම පවත්වා ගනිමින් මෙම අර්බුදයට විසඳුම් ලබාගත හැකි බව වෘත්තීය සමිතියක් ලෙස තමන් පිළිනොගන්නා බව ද අදාළ නිවේදනයෙන් හුවා දක්වා තිබෙනවා.

එබැවින් මහජනතාව අසීරුතාවට පත්කළ එවැනි නිලධාරීන් කවුරුන් දැයි හෙළි කිරීම තම සංගමයේ වගකීම වන බවත්, ඒ සඳහා විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට කටයුතු කළ යුතු බවත් නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා.

ඒ සඳහා අදාළ ආයතනවලට බලකිරීමට ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය කටයුතු කළ අතර, විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අර්බුදය නිශ්චිතව අවසන් කිරීමට නොපමාව ක්‍රියාකළ යුතු බවට දෙපාර්තමේන්තු බලධාරීන් වෙත අවධාරණය කරන බව ද එම නිවේදනයේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?