පාස්පෝට් කන්තෝරුවෙන් නිවේදනයක් (නිවේදනය)

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනය ප්‍රකාරව එහි දැක්වෙන්නේ වර්තමානයේ පවතින සැබෑ තත්ත්වය පෙන්වාදීම සඳහා මෙන්ම අර්බුදය විසඳීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැන දැනුවත් කිරීමට මෙම නිවේදනය නිකුත් කර ඇති බවයි.

ජනතාව විසින් තෝරාපත් කරගත් ජනාධිපතිවරයාව අසීරුතාවට පත්වීමට දෙපාර්තමේන්තු ඉහළ පරිපාලනය විසින් ලබා දුන් සාවද්‍ය තොරතුරු හේතු වූ බව ද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

සංඛ්‍යා දත්ත, තොරතුරු සියල්ල දෙපාර්තමේන්තුව සතුව තිබිය දී රජයේ සමස්ත කාර්යභාරයෙන් තුනෙන් එකක ප්‍රමාණයක් ආවරණය කළ යුතු අතිශය භාරදුන් කාර්යභාරයක නියැලී සිටින විෂයභාර අමාත්‍යවරයාට කොතරම් කටුක වුව ද විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම හා සම්බන්ධව පවතින සත්‍ය තත්ත්වය දෙපාර්තමේන්තු බලධාරීන් විසින් අනාවරණය නොකිරීම කනගාටුවට කරුණක් බව ද ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය නිවේදනයෙන් සඳහන් කරනවා.

පැරණි දේශපාලන අධිකාරියේ හිතවත්කම් මත තනතුරු ලබාගත් ඉහළ කිහිපදෙනෙකුගේ අත්තනෝමතික කටයුතු ඒ ආකාරයෙන්ම පවත්වා ගනිමින් මෙම අර්බුදයට විසඳුම් ලබාගත හැකි බව වෘත්තීය සමිතියක් ලෙස තමන් පිළිනොගන්නා බව ද අදාළ නිවේදනයෙන් හුවා දක්වා තිබෙනවා.

එබැවින් මහජනතාව අසීරුතාවට පත්කළ එවැනි නිලධාරීන් කවුරුන් දැයි හෙළි කිරීම තම සංගමයේ වගකීම වන බවත්, ඒ සඳහා විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට කටයුතු කළ යුතු බවත් නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා.

ඒ සඳහා අදාළ ආයතනවලට බලකිරීමට ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය කටයුතු කළ අතර, විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අර්බුදය නිශ්චිතව අවසන් කිරීමට නොපමාව ක්‍රියාකළ යුතු බවට දෙපාර්තමේන්තු බලධාරීන් වෙත අවධාරණය කරන බව ද එම නිවේදනයේ සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14