පාස්ටර් ජෙරම් දිවයිනට පැමිණෙයි

දේවගැති ජෙරම් ප්‍රනාන්දු යළි දිවයිනට පැමිණ ඇති බව වාර්තා වනවා.

අද (29) අලුයම 01:32ට දෝහා කටාර් සිට පැමිණි QR 658 දරණ ගුවන් යානයෙන් ඔහු මෙරටට පැමිණ ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඔහු , එහි මුදල් ගෙවා පහසුකම් ලබන ‘රන් මාවත’ ( Gold Route ) විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබූ බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

බුදුන් වහන්සේට මෙන්ම අනෙකුත් ආගම්වලට නිගරුවන ආකාරයේ ප්‍රකාශ සිදුකළ බව කියන සිද්ධියේ පසු දේවගැති ජෙරම් ප්‍රනාන්දු විදෙස් ගතව පසු වුණා.

කෙසේ වෙතත් ඔහු විදේශගතව සිට මෙරටට පැමිණෙන අවස්ථාවේ දී ගුවන්තොටුපොළේ දී ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙස දක්වමින් අභියාචනාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය 17 වනදා නියෝගයක් නිකුත් කළා.

ඔහු දිවයිනට පැමිණීමෙන් අනතුරුව පැය 48ක් තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශයේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදිය යුතු බවයි එම අධිකරණ නියෝගයේ වැඩිදුරටත් සඳහන් වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
8
+1
2
+1
0
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?