පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉටුනොවුණොත් ජාත්‍යන්තර අධිකරණයට යනවා – කාදිනල් හිමි

පාස්කු ප්‍රහාරයට වගකිව පාර්ශවයන්ට එරෙහිව මෙරට නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවුණහොත් තමා ජාත්‍යන්තර අධිකරණයකට යෑමට සුදානම් බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති.අද (11) අගරදගුරු මැඳුරේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියාසිටියේය.පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලු නමුත් මේ වෙනතෙක් එය නොලැබුණ බව ද උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මේ පිළිබඳ අදහස් දැක්වු කාදිනල් හිමි,

“යම් යම් දේවල්වල සත්‍යතාවය අපි සොයාගත යුතුමයි. ඒ නිසා අපිට මේක බලාගෙන ඉන්න බෑ. හැකි ඉක්මනින් අපිට ඒකෙ පිටපතක් ලැබෙන්න සලස්වන්න. අන්න එතකොට අපිට ඒ ප්‍රශ්නයට විසඳුම් සොයාගන්න පුළුවන්. පාස්කු ප්‍රහාර කොමිසමට මාත් සාක්ෂි දුන්නා. ඒ වෙලාවෙදීත් මම කොමිසමෙන් ඉල්ලීමක් කරා. ප්‍රහාරය වළක්වන්නට කටයුතු නොකරපු අය ගැන විතරක් නෙමෙයි මේ ප්‍රහාරය පිටුපස ඉන්නේ කවුද කියලා හොයන්න කියලා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා කොමිසම ඒ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාරයක් දක්වයි කියලා.“

ප්‍රශ්නය – පාස්කු ප්‍රහාරයට අදාළව ශ්‍රී ලංකාව තුළ නීතිමය වශයෙන් යුක්තිය ඉෂ්ඨ නොවුණොත් ඔබ වහන්සේ කැමති ද ජාත්‍යන්තර අධිකරණයකට ගිහින් යුක්තිය ඉල්ලන්න ?

“ සුදානම්. මම බලාපොරොත්තු වෙනවා අපේ නායකයින් එහෙම දෙයක් වෙන්නට ඉඩ නොතියයි කියලා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ඒ අය යහපත් ප්‍රතිචාරයක් ලබාදෙයි කියලා මේ නඩුවෙන් හා වාර්තා තුළින්. වාර්තාවෙන් පසුව රජය මොනවද කරන්නේ කියලා අපි බලන්නට ඕනේ. එහෙම නොවුනහොත් අපි ජාත්‍යන්තර සංවිධාන තියෙනවා පිටරටවල ඒ සංවිධානවල සහයෝගය අපි බලාපොරොත්තුවෙන් කටයුතු කරනවා.“

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?