පාස්කු ප්‍රහාරය ගැන කළ අනාවරණයක් ගැන CIDයෙන් තවත් පරීක්ෂණයක් අරඹයි

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයට අදාළ ව යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂව සිටි තුවාන් සුරේෂ් සලේ මහතා සම්බන්ධ බවට චැනල් ෆෝ නාලිකාවේ වැඩසටහනකින් කළ අනාවරණය ගැන අපරාධ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (11) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දුන්නා.

සමාජය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

පැමිණිල්ලට අදාළ ව මේ වන විට පැමිණිල්ල කළ රොහාන් සිල්වා පියතුමාගෙන් ප්‍රකාශයක් සටහන් කර තිබෙන බව පොලිසිය සඳහන් කරනවා.

මෙම විමර්ශනයට අදාළ ව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අසාත් මවුලානා මීට පෙර පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ හිටපු රාජ්‍ය ඇමති සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම් දුන් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

සමාජය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා මෙම පැමිණිල්ල මගින් ඉල්ලා තිබුණේ චැනල් ෆෝ නාලිකාව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පළ කළ හෙළිදරව්වේ කරුණු දැක්වූ අසාත් මවුලානාගේ ප්‍රකාශය ගැන ස්වාධීන විමර්ශනයක් පවත්වන ලෙසයි.

මහජන ආරක්ෂක අමාත්‍යංශය වෙත යොමු කර තිබූ මෙම පැමිණිල්ල අමාත්‍යාංශය විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත යොමු කිරීමෙන් පසු ඒ ගැන විමර්ශනයක් පවත්වන ලෙස වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තවේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට යොමු කිරීමෙන් පසු මෙම විමර්ශනය ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

චැනල් ෆෝ නාලිකාවෙන් පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධකමක් ඇතැයි අනාවරණය කළ තුවාන් සුරේෂ් සලේ මහතා 2019 වසරේ දෙසැම්බර් මාසයේ දී රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ තනතුරට පත් කළ අතර රොහාන් සිල්වා පියතුමාගේ පැමිණිල්ලෙන් පසු ජනාධිපතිවරයා විසින් ඔහු ඉවත් කර වෙනත් නිලධාරියකු එම තනතුරට පත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?