පාස්කු ප්‍රහාරය ගැන කළ අනාවරණයක් ගැන CIDයෙන් තවත් පරීක්ෂණයක් අරඹයි

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයට අදාළ ව යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂව සිටි තුවාන් සුරේෂ් සලේ මහතා සම්බන්ධ බවට චැනල් ෆෝ නාලිකාවේ වැඩසටහනකින් කළ අනාවරණය ගැන අපරාධ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (11) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දුන්නා.

සමාජය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

පැමිණිල්ලට අදාළ ව මේ වන විට පැමිණිල්ල කළ රොහාන් සිල්වා පියතුමාගෙන් ප්‍රකාශයක් සටහන් කර තිබෙන බව පොලිසිය සඳහන් කරනවා.

මෙම විමර්ශනයට අදාළ ව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අසාත් මවුලානා මීට පෙර පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ හිටපු රාජ්‍ය ඇමති සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම් දුන් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

සමාජය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා මෙම පැමිණිල්ල මගින් ඉල්ලා තිබුණේ චැනල් ෆෝ නාලිකාව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පළ කළ හෙළිදරව්වේ කරුණු දැක්වූ අසාත් මවුලානාගේ ප්‍රකාශය ගැන ස්වාධීන විමර්ශනයක් පවත්වන ලෙසයි.

මහජන ආරක්ෂක අමාත්‍යංශය වෙත යොමු කර තිබූ මෙම පැමිණිල්ල අමාත්‍යාංශය විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත යොමු කිරීමෙන් පසු ඒ ගැන විමර්ශනයක් පවත්වන ලෙස වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තවේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට යොමු කිරීමෙන් පසු මෙම විමර්ශනය ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

චැනල් ෆෝ නාලිකාවෙන් පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධකමක් ඇතැයි අනාවරණය කළ තුවාන් සුරේෂ් සලේ මහතා 2019 වසරේ දෙසැම්බර් මාසයේ දී රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ තනතුරට පත් කළ අතර රොහාන් සිල්වා පියතුමාගේ පැමිණිල්ලෙන් පසු ජනාධිපතිවරයා විසින් ඔහු ඉවත් කර වෙනත් නිලධාරියකු එම තනතුරට පත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15