AFC Banner
AFC Banner
Empty Ad

පාස්කු නඩුවේ චූදිතයන්ට චෝදනා කියවා දීම තවදුරටත්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම ආධාර හා අනුබල දීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විත්තිකරුවන්ට චෝදනා කියවා දීම අද කොළඹ මහාධිකරණය හමුවේ තවදුරටත් සිදු කෙරුණා.

දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යි නඩු විභාගය පැවැත් වෙන්නේ.

මෙම නඩුවේ විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 23270ක් ගොණුකර තිබෙනවා.

අද දිනය අවසන් වනවිට ඉන් චෝදනා 19000 කට ආසන්න සංඛ්‍යාවක් විත්තිකරුවන්ට කියවා දී අවසන් කර තිබෙනවා.

වැඩිදුර කරුණු විමසීම හෙට (11) දින තෙක් කල් තැබුණා.

2019 වසරේ අප්‍රේල් මස 21වන දා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23270 ක් යටතේ නවුෆර් මව්ලවි ,සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුපර් මාමා, මොහොමඩ් සනස් දීන්,හා මොහොමඩ් රිස්වාන් ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව ගොණුකර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?