පාසල් ළමුන් 1000කට වැඩි සංඛ්‍යාවකට කොරෝනා – මෙරට කොරෝනා ව්‍යාප්තියේ භයානක හෙළිදරව්වක්

මේ වන විට මෙරට ළමුන් 1000කට වැඩි සංඛ්‍යාවක් කොරෝනා ආසාදිතව සිටින බව හා එයින් 5දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ළමා රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

ඒ හේතුවෙන් වයස අවුරුදු 12න් ඉහළ දරුවන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබාදීම ඉතා වැදගත් බවයි විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

කොරෝනා රෝගය සීග්‍රයෙන් පැතිරී යාමත් සමඟ ළමුන්ටත් එම රෝගය වැළඳීමේ වැඩි ඉඩකඩක් පවතින බැවින් මෙසේ එන්නත්කරණය මඟින් ප්‍රතිශක්තිකරණය ඇති කල යුතු බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

රටවල් කිහිපයක් මේ වන විටත් ළමුන් සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත් ආරම්භ කර ඇති බවත් ඉන්දියාවේ දැනට ඒ පිළිබඳව පර්යේෂණ කරමින් සිටින බවත් ඔහු මෙහිදී කියා සිටියා.

කෙසේ වෙතත් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියා සිටින්නේ ප්‍රතිශක්තිකරණය හරහා පමණක් රෝගය පාලනය කර ගැනීමට නොහැකි බවයි.

ඒ සඳහා ජනතාව වැඩි දැනුවත් භාවයකින් සහ හික්මීමකින් කටයුතු කරමින් ළමුන් රෝගයෙන් ආරක්ෂා කර ගැනීමට පියවර ගත යුතු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15