පාසල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක් රාගමදී අනතුරක

රාගම, බටුවත්ත දුම්රිය පොළ ආසන්නයේ දී බස් රථයක් අනතුරට ලක්ව පාසල් ළමුන් 09 දෙනෙකු සහ තවත් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද (19) දහවල් මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ සපුගස්කන්ද ප්‍රදේශයේ පිහිටි පාසලක බාලදක්ෂයින් පිරිසක් රැගත් බස් රථයක්.

බටුවත්ත මහා විද්‍යාලයේ පැවති බාලදක්ෂ ජම්බෝරියකට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටි දී බාලදක්ෂයින් පිරිසක් රැගත් මෙම බස් රථය අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සිදු වන අවස්ථාවේ එම බස් රථයේ ළමුන් 20ක්, ගුරුවරුන් සහ දෙමාපියන් සිට ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරින් තුවාල ලැබූවන් රාගම රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?