පාසල් ළමුන්ට කිරි වීදුරුවක් සහ බිත්තර නොමිලේ

රුපියල් 55.00ට බිත්තර අලෙවි කිරීම අද (30) දිනයේ කොළඹ, මහනුවර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් සිදුකරන බව බිත්තර සංගම් සඳහන් කරනවා.

පසුගිය 28 වනදා කොළඹ සහ ගම්පහ ප්‍රදේශවල රුපියල් 55.00ක මුදලකට බිත්තර අලෙවි කිරීමේ වැඩසටහන ආරම්භ කරනු ලැබුවා.

කෙසේ වෙතත් එම වැඩසටහන ඊයේ (29) දිනයේ දී ක්‍රියාත්මක වන ආකාරයක් දක්නට ලැබුනේ නැහැ.

බිත්තර මිල ඉහළ යාම සැලකිල්ලට ගෙන කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් යෝජනා කළ පාරිභෝගිකයින්ට අඩු මුදලට බිත්තරයක් අලෙවි කිරීමේ යෝජනාවට අනුව බිත්තර නිෂ්පාදකයින් මෙම වැඩසටහන ආරම්භ කළා.

මේ අතර,අධ්‍යාපන අමාත්‍යංශය සමඟ තම සංගමය එක්ව අඩු අදායම්ලාභි පවුල්වල පාසල් ළමුන්ට කිරි වීදුරුවක් සහ බිත්තර නොමිලේ ලබාදිමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර සඳහන් කළා.

(29) දින පස්වරුවේ නුවරඑළිය ප්‍රදේශයේ දී මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

  1. Bahu bootha nam dodawanna epa. Headline ekak gemmata daala minissu modayata andanna epa. Rajaye ayathana walata thawamath kondak nehe bandha wala mila paalanaya karanna. Maadya nidahasa nethi karanna one issella. Eka ekata ona widihata news palakaranawata.