පාසල් සිසුවියට නොහොබිනා පින්තුර යැවූ ගුරා මාට්ටු

තඹුත්තේගම මධ්‍ය විද්‍යාල ජාතික පාසලක ගුරුවරයෙකු විසින් වට්ස්ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ පාසල් සිසුවියකට අසභ්‍ය දර්ශන හා පණිවිඩ යැවීමේ චෝදනාව මත තඹුත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා රාත්‍රියට පාසල් සිසුවියට අසභ්‍ය දර්ශන හා පණිවිඩ යවා ඇති බවයි ඔහුට එල්ලවී ඇති චෝදනාව වන්නේ.

සැකකරු මලියදේව පුර ,තඹුත්තේගම පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්

පාසල් සිසුවියගේ දෙමාපියන් විසින් පරිවාස කාර්යාලය වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලිසිය මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා .

සැකකරු අද(31) දින තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත .