පාසල් සිසුවාට වෙඩි පත්තු වූ සිද්ධියේ උප පොලිස් පරීක්ෂකවරයා අද අධිකරණයට

තිහගොඩ, මිදෙල්ලවල, කටුවනතුඩුව ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වී 14 හැවිරිදි පාසල් සිසුවෙකු බරපතළ තුවාල ලැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගැනුණු සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අද (29) මාතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධියට සම්බන්ධ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා ඊයේ (28) මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගත අතර, වහාම ක්‍රියාත්මකවන පරිදි ඔහුගේ සේවය අත්හිටුවීමට දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් පියවර ගනු ලැබුවා.

පොලිස් අන නොකතා ධාවනය වූ ත්‍රිරෝද රථයක් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරියෙකු සතු පිස්තෝල ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් වයස 14 සිසුවෙකු බරපතළ තුවාල ලබා ඊයේ (28) පස්වරුවේ මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහල වෙත මාරුකර යවා තිබුණා.

මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ නායිම්බල, කටුවන්තුඩව ප්‍රදේශයේ පදිංචිව සිටි පී.බී. හරිෂ් හංසක දේෂාන් නැමැති නායිම්බල විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු වන අතර, ඔහු මිතුරත් පිරිසක් සමඟ ප්‍රදේශයේ විහරස්ථානයක පැවැත්වෙන පෙරහැරක කාවඩි නැටීම සදහා මොණර පිහාටු සෙවීමට ගොස් සිටිය දී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

තිහගොඩ පොලිසියට අයත් ත්‍රීරෝද රථයකින් අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරින් පිරිසක් ප්‍රදේශයේ රාජකාරි කටයුත්තක් සඳහා ගොස් නැවත පැමිණෙමින් සිටිය දී ත්‍රිරෝද රථයක් මාර්ගය පුරා ධාවනය කරනු දක්නට ලැබී ඇති බවත් එය නවත්වන ලෙස අණ කර තිබෙනවා.
.
එහිදී අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඔහුගේ රාජකාරී පිස්තෝලය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවට සකසා එම ගිණි අවිය දික් කොට ත්‍රිරෝද රථය සිටි පිරිස පරීක්ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේදී ත්‍රිරෝදය නැවත ධාවන කොට ඇති අතර, එය පසුපස පොලිසිය හඹා ගෙන යාමේදී පලායන ත්‍රිරෝද රථය නායිම්බල, කන්දේපොල මාර්ගයේ වළක වැටී නතරවිමත් සමඟ නැවත පොලිස් නිලධාරින් ගොස් පරික්ෂා කිරිමේදී ස්ථානාධිපතිවරයා සිසුවාගේ හිසට එල්ල කරන ලද රාජකාරි ගිණිඅවිය ඔහුගේ අතින් ක්‍රියාත්මක වී ඇති බව පොලීසිය පවසන්නේ.

කෙසේ වෙතත් ත්‍රී රෝද රථයේ ගමන් කරමින් සිටි සිසුන් කියා සිටින්නේ තමන් ගමන් කල මාර්ගයේ කිසිම ස්ථානයකදි පොලිස් නිලධාරින් නොදුටු බවත් තමන් මාර්ගය අයිනේ ත්‍රි රෝද රථය නවතා මොණර පිහාටු සෙවිමට ත්‍රිරෝද රථයෙන් බැසිමට සුදානම් වන අවස්ථාවේදි තිහගොඩ පොලිස් ස්ථානයේ නිලධාරින් පැමිණ මෙම වෙඩි තැබිම සිදු කල බවයි.

කෙසේ නමුත් ප්‍රදේශවාසීන් පිරිසක් තිහගොඩ පොලිස් ස්ථානය වෙත ගොස් සිදුවු සිදුවීම පිළිබදව විමසා නැවත සාමකාමීව පිටව යන අවස්ථාවේදී, පොලිස් ස්ථානය තුළ සිටි පොලිස් නිලධාරියෙකු එම ස්ථානයේ සිටි තරුණියකට බැටන් පොල්ලකින් පහර දුන්නේ යැයි පවසමින් උණුසම් තත්ත්වයක් ද ඇති වූ බව සඳහන්.

එහිදී කඹුරුපිටිය පොලිස් ස්ථානයට අයත් පොලිස් ජීප් රථයකට කිසියම් පිරිසක් විසින් සිදුකළ පහරදිමකින් එම ජීප් රථයට දැඩි ලෙස අලාභහානි සිදුව තිබෙනවා.

තුවාල ලැබු සිසුවා මාතර මහා රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව බරපතල තත්වයේ පසුවීම හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති අතර, මේ වන විට ඔහු එම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබනවා.

https://youtu.be/jnlZlpzZCss


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46