spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාසල් සිසුන් පිරිසක් අත්අඩංගුවට

ඉතා සුක්ෂමව හා රහසිගතව පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් මධ්‍යම පළාත් සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් විසින් වටලා තිබෙනවා.ෆේස්බුක් සාදය සඳහා ෆේස්බුක් ඔස්සේ ඉතාමත් රහසිගතව ප්‍රචාරය කරමින් තරුණ පිරිස් ගෙන්වා ගෙන මෙම සාදය පවත්වා තිබේ.

මෙම සාදයට සහභාගි වූ 300කට අධික තරුණ පිරිස අතරින් 50කට අධික පිරිසක් බාල වයස්කාර පාසල් ළමුන් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.පාසල් සිසු සිසුවියෝ එම සාදයට සහභාගි වී සිටි බව පැවසූ සුරාබදු නිලධාරීන් එම පාසල් ළමුන් හට තරයේ අවවාද කොට ඔවුන්ගේ දෙමව්පියන්ට භාරදීමට පියවර ගෙන ඇත.

ෆේස්බුක් සාදය ඊයේ (24) පස්වරු 02 සිට මධ්‍යම රාත්‍රී දක්වා පැවැත්වීමට සැලසුම් කොට තිබී ඇති අතර තරුණ සුරාබදු නිලධාරීන් දෙදෙනෙක් හා නිලධාරිනියන් දෙදෙනෙක් පෙම්වතුන් වශයෙන් පෙනී සිටිමින් සාදයට සහභාගි කොට උපායශීලිව වැටලීම සිදුකොට ඇත.ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි 12දෙනෙකු අද (25) ගම්පොළ අතිරේක මහෙස්ත්‍රාත් අජිත් උඩුගම මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම පිරිස හෙට (26) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කොට තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?