AFC Banner
AFC Banner
Empty Ad

පාසල් සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ ගැටලුව ගැන විශේෂ සාකච්ඡාවක්

පාසල් සංවර්ධන නිලධාරීන් උපාධිධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳ මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් පාසල් සංවර්ධන නිලධාරී සංගම් කීපයක නියෝජිතයන් පිරිසක් සමඟ සාකච්ඡාවක් පසුගිය දා පැවැත්වුණා.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සේනාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව යන අයගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා.
.
එහි දී සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුව පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් වූ අතර, ඔවුන් ගුරු සේවයට බඳවා ගැනීමේ දී ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇති පරිදි රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශයන්ට යටත්ව ක්‍රියා කළ යුතු බව දෙපාර්ශ්වයේ ම අදහස වුණා.

ඒ, අනුව තරග විභාගයක් පවත්වා බඳවාගැනීම් සිදුකළ යුතු බවත්, එහි දී වයස් සීමාව උපරිම අවුරුදු 45 දක්වා සලකා බැලීමට හැකි බවත් අවධාරණය කෙරුණා.

අදාළ විසඳුම් ක්‍රියාත්මක කරන තෙක් පාසල් සංවර්ධන නිලධාරීන් රජයේ වෙනත් කාර්යාල වෙත අනුයුක්ත කිරීම තාවකාලිකව අත්හිටුවීමට ද අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බවට ලේකම්වරයා පොරොන්දු වූ අතර, ඉතා කඩිනමින් මෙම ගැටලුව විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?