පාසල් සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ ගැටලුව ගැන විශේෂ සාකච්ඡාවක්

පාසල් සංවර්ධන නිලධාරීන් උපාධිධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳ මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් පාසල් සංවර්ධන නිලධාරී සංගම් කීපයක නියෝජිතයන් පිරිසක් සමඟ සාකච්ඡාවක් පසුගිය දා පැවැත්වුණා.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සේනාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව යන අයගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා.
.
එහි දී සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුව පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් වූ අතර, ඔවුන් ගුරු සේවයට බඳවා ගැනීමේ දී ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇති පරිදි රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශයන්ට යටත්ව ක්‍රියා කළ යුතු බව දෙපාර්ශ්වයේ ම අදහස වුණා.

ඒ, අනුව තරග විභාගයක් පවත්වා බඳවාගැනීම් සිදුකළ යුතු බවත්, එහි දී වයස් සීමාව උපරිම අවුරුදු 45 දක්වා සලකා බැලීමට හැකි බවත් අවධාරණය කෙරුණා.

අදාළ විසඳුම් ක්‍රියාත්මක කරන තෙක් පාසල් සංවර්ධන නිලධාරීන් රජයේ වෙනත් කාර්යාල වෙත අනුයුක්ත කිරීම තාවකාලිකව අත්හිටුවීමට ද අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බවට ලේකම්වරයා පොරොන්දු වූ අතර, ඉතා කඩිනමින් මෙම ගැටලුව විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
රට ත්‍රස්තවාදයෙන් බේරගත්තත් ප්‍රශ්න ඇතිකරන පිරිස නැති කරගන්න බැරිවුණා..
03:48
Video thumbnail
කැබිනට් එක නොමඟ යැවීමක් - ට්‍රෙන්ඩරයක් ගැන අර්ජුනගෙන් ප්‍රබල හෙළිදරව්වක්
08:22
Video thumbnail
ත්‍රීරෝද රථයක් පොලිස් නිලධාරියෙක් ය# කරගෙන යන්න ගිය හැටි..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:03
Video thumbnail
අපි එනකොට කාටවත් වාහන ගන්න පුළුවන් විදියක් තිබ්බේ නෑනේ..හෙට වාහනයක් ගත්තොත් ඒකට අධිභාරයක් නෑ
03:51
Video thumbnail
අමාරුවේ වැටුණ පොලිසියට පිහිටක් වුණු මනුස්සයා
00:42
Video thumbnail
රට බේරගත්ත රණවිරුවන් වෙනුවෙන් අහසත් කඳුළු සලයි
01:15
Video thumbnail
ජනපති, රණවිරු ස්මාරකයට පුෂ්පෝහාර දැක්වූ අයුරු
01:34
Video thumbnail
"වන අලින්ට ඡන්දෙ නෑ ගොවින්ට හයිය නෑ" අලි මිනිස් ගැටලුව වෙනුවෙන් පෙරට ආ රෝහිණී
08:29
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.19
08:26:46