දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමූ රජයේ පාසල් හෙට (16) දිනයේ දී යළි ආරම්භ කිරීමට නියමිතයි.
පාසල් යළි ආරම්භ කිරීමට අදාළ කටයුතු සූදානම් කිරීම වෙනුවෙන් පාසල්වල විදුහල්පතිවරු, ගුරුවරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය අද(15) දිනයේ පාසල් වෙත කැඳවා ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.
මෙරට සමස්ත පාසල් සංඛ්‍යාව වන 10,076ක් අතරින් පාසල් 9,929ක් හෙට (16) දිනයේ දී යළි ආරම්භ කරන බවයි එම අමාත්‍යංශය පැවසුවේ.
ඒ, අනුව ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වු පාසල් 147ක් හෙට (16) දිනයේ දී ආරම්භ කළ නොහැකි තත්ත්වයට පත්ව තිබෙනවා.
මේ අතර අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ ආපදා තත්ත්වයට මුහුණ දුන් ප්‍රදේශවල සිසුන් සහ අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිල ඇඳුම් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.





