පාසල් යන වයසේ දරුවන් වෙනුවෙන් ගෙනා යෝජනාවට විරෝධයක්

 විශාල සමාජ පරිහානියක් පාසල් යන වයසේ පසුවන දරුවන්ට රැකියා අවස්ථාදීමට රජය ගෙනඒමට යෝජිත නව වැඩපිළිවෙල හරහා සිදුවන බවට වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකමුතුව අනතුරු අඟවනවා.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසා සිටියේ

“පාසල් යන වයසේ දරුවන්ට පැය 20ක් පෞද්ගලික අංශයේ රැකියා කරන්න අවස්ථාව ලබාදෙනවලු. නීතිරීති වෙනස් කරනවාලු. අධ්‍යාපනය කඩාවැටිලා තියෙද්දී අධ්‍යාපනය වෙනුවෙන් වැඩපිළිවෙලක් හදනවා වෙනුවට ළමයි රස්සාවට යවන්න හිතනවා නම් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ.” 

ඉදිරියේදී පාසල් හැරයන දරුවන්ව කඩිනමින් රැකියාවල් සඳහා ගෙන්වා ගැනීම මේ තුළින් සැලසුම්කරන බව ද කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?