දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් පාසල් දරුවන්ට ජනාධිපති අරමුදලෙන් බිලියන 1.9ක්

දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ සියලු දිස්ත්‍රික්කවල පාසල් දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන රුපියල් 10,000ක දීමනාව ලබාදීම සඳහා ජනාධිපති අරමුදල රුපියල් 1,925,010,000ක මුදලක් වෙන් කර තිබෙනවා.

එම සියලු ප්‍රතිපාදන මේ වන විට අදාළ දිස්ත්‍රික් ලේකම්වරු මගින් ප්‍රාදේශීය ලේකම්වරු වෙත යොමු ක ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

ආපදාවට ලක් වූ දිස්ත්‍රික්කවල පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් රජයෙන් එක් සිසුවෙකුට රුපියල් 25,000ක මුදලක් ලබාදීමට පියවර ගෙන තිබෙන අතර, එයින් රුපියල් 15,000ක් මහා භාණ්ඩාගාරයෙන්ද, රුපියල් 10,000ක් ජනාධිපති අරමුදලින්ද ලබාදීම සිදු කෙරෙනවා.

ඒ අනුව අම්පාර, හම්බන්තොට, පොළොන්නරුව, මොණරාගල, මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්කවල පාසල් දරුවන් වෙනුවෙන්, ජනාධිපති අරමුදලින් ලබාදෙන රුපියල් 10,000ක දීමනාව මේ වන විට සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර තිබෙන අතර, අනෙකුත් දිස්ත්‍රික්කවල පාසල් දරුවන් වෙනුවෙන් ද අදාළ මුල්‍ය ප්‍රදානය කඩිනමින් ලබාදීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
භික්ෂු විරෝධතාවය මහසොන් දේවතාව ගෙන්නයි - මිනිස්සුන්ට බැරි වැඩ අදෘශ්‍යමාන බලවේගවලින් කරවනවා
05:44
Video thumbnail
මේ ඉන්නේ දුටුගැමුණු රජතුමාගේ අම්මගේ භූමියේ - බුදු රජාණන්වහන්සේ දුන්න චීවරය අනුරට ගලවන්න අයිතියක් නෑ
06:09