පාසල් නිල ඇඳුම් රෙදි ලබාදීම 2023 මුල් කාර්තුවේදී – අධ්‍යාපන ඇමති

ලබන වසරේ මුල් කාර්තුව වන විට පාසල් ළමුන් සඳහා නිල ඇඳුම් රෙදි ලබා දී අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා.

ඒ, අනුව නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවෙන් 70% ක් චීනයෙන් ආනයනය කරන අතර, ඉතිරි 30% දේශීය වශයෙන් නිෂ්පාදනය කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කොළඹ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මේ බව සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්