පාසල් දැරියට ආගමික ස්ථානයක දී අකටයුත්තක් කළ පෙම්වතාට වැඩ වරදී

ආණමඩුව ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි දැරිවියක්ව ආගමික ස්ථානයකදී දුෂණය කළ බව කියන සැකකරුවෙක්ව අත්අඩංගුවට ගැනීම සදහා ආණමඩුව පොලීසිය විසින් විමර්ශයනක් ආරම්භ කර තිබෙනවා.

මෙම දැරියව දූෂණයට ලක්කර ඇත්තේ එම පාසලේම ඉගෙනුම ලබන සිසුවෙක් බවත්, ඔහු නවගත්තේගම – අන්දරවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් මූලික විමර්ශණවලදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.

ඉකුත් ජූනි මාසයේදී දැරිවිය සහ සැකකරු අතර ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ වී ඇති අතර එම සම්බන්ධතාවය මත ඉකුත් අගෝස්තු මාසයේ දිනක සැකකරු විසින් දුරකතනයෙන් කරනු ලැබූ යෝජනාවකට අනුව දැරිවිය පාසල් යන බව තම මවට පවසා ආණමඩුව නගරයට පැමිණ තිබෙනවා.

පසුව ආණමඩුව නගරයේ බස් නැවතුම්පොළ ආසන්න ස්ථානයකදී දැරිවිය විසින් පාසල් නිල ඇඳුම ඉවත් කර වෙනත් ඇදුමකින් සැරසී සැකකරු සමග ආණමඩුව නගරයට ආසන්නයෙන් ඇති ප්‍රසිද්ධ ආගමික සිද්ධස්ථානයකට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම ආගමික සිද්ධස්ථානයේ ගල් තලාවක් මතදී සැකකරු දැරිවිය දූණයට ලක්කර ඇති අතර මෑතකදී දැරිවිය සහ සැකකරු අතර ආරවුලක් සිදුවීමෙන් පසු මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැරිය තම මවට පවසා තිබෙනවා.

ඒ අනුව මව දියණියද කැටුව ආණමඩුව පොලීසියට පැමිණ සිද්ධිය පිළිබදව පැමිණිළිකර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරු නවගත්තේගම පොලිස් වසමේ පදිංචිකරුවෙක් වන බැවින් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස ආණමඩුව පොලීසිය විසින් නවගත්තේගම පොලීසියට දැණුම් දී ඇති බවයි ආණමඩුව පොලිස් ස්ථානය සඳහන් කළේ.

අතවරයට පත්ව ඇති දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර ආණමඩුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශණයන් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
9
+1
0
+1
3
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08