පාසල් ගිය 12 හැවිරිදි දැරියක් රවටා අපයෝජනය කිරීමේ සිද්ධියකට 3ක් අත්අඩංගුවට

12 හැවිරිදි දැරියක් රවටා පාසල් නිල ඇඳුමෙන් ඥාතියකුගේ නිවසට රැගෙන ගොස් අපහරණය කර බණ්ඩාරගම බස් නැවතුම්පොළ අසළ දමා ගිය 19 හැවිරිදි තරුණයකු සහ ඊට ආධාර අනුබල දුන් අඹු සැමි යුවළක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පානදුර කේතුමතී කාන්තා රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

දැරියගේ මව දැරිය සමඟ පොලිසියට පැමිණ කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු සහ අඹු සැමි යුවළ අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දැරිය පාසලට නොපැමිණි බවට ඇය අධ්‍යාපනය ලබන පාසලේ ගුරුවරියක් දුරකථන මාර්ගයෙන් මවට දැනුම් දීමෙන් අනතුරුව මව විසින් දැරිය සතුව ඇති දුරකථනයට ඇමතුමක් ගෙන විමසීමේදී ඇය ප්‍රකාශ කර ඇත්තේ තමා මිතුරකුගේ නිවෙසට පැමිණි බවයි

පාසල් වේලාව නිමවීමෙන් පසුව දැරිය මවට දුරකථන ඇමතුමක් ගෙන ප්‍රකාශ කර තිබුණේ තමා බණ්ඩාරගම බස් නැවතුම්පොළ අසල සිටින බවටයි.

පසුව මව දැරිය ද රැගෙන පොලිසියට පැමිණ මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා.

අනතුරුව පොලිස් නිලධාරිනියන් විසින් දැරිය ගෙන් ප්‍රකාශ ලබා ගැනීමේදී ඇය ප්‍රකාශ කර ඇත්තේ පසුගිය වෙසක් පොහෝ දින දන්සලක් අසලදී වස්කඩුව ප්‍රදේශයේ තරුණයකු හඳුනාගත් බවයි. එය ප්‍රේම සබඳතාවයක් බවට පත්වීමෙන් අනතුරුව ඔහුගේ ඉල්ලීම මත තමන් ඔහු හමුවට ආ බව දැරියගේ ප්‍රකාශයවලින් අනාවරණය වී තිබෙනවා.

එම තරුණයා දැරිය ත්‍රී රෝද රථයක නංවාගෙන බණ්ඩාරගම ගල්තුඩේ ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට ගිය බවටයි හෙළිවී ඇත්තේ.

ඒ අනුව එම නිවසට ගිය පොලිස් නිලධාරීන් එහි සිටි අඹු සැමි යුවළ අත්අඩංගුවට ගෙන අනාවරණය වූ තොරතුරු අනුව දැරිය රවටා අපහරණය කල තරුණයා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් 19 හැවිරිදි සැකකරු වස්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
47
+1
63
+1
15
+1
35
+1
13
+1
25
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29