පාසල් ගිය 12 හැවිරිදි දැරියක් රවටා අපයෝජනය කිරීමේ සිද්ධියකට 3ක් අත්අඩංගුවට

12 හැවිරිදි දැරියක් රවටා පාසල් නිල ඇඳුමෙන් ඥාතියකුගේ නිවසට රැගෙන ගොස් අපහරණය කර බණ්ඩාරගම බස් නැවතුම්පොළ අසළ දමා ගිය 19 හැවිරිදි තරුණයකු සහ ඊට ආධාර අනුබල දුන් අඹු සැමි යුවළක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පානදුර කේතුමතී කාන්තා රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

දැරියගේ මව දැරිය සමඟ පොලිසියට පැමිණ කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු සහ අඹු සැමි යුවළ අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දැරිය පාසලට නොපැමිණි බවට ඇය අධ්‍යාපනය ලබන පාසලේ ගුරුවරියක් දුරකථන මාර්ගයෙන් මවට දැනුම් දීමෙන් අනතුරුව මව විසින් දැරිය සතුව ඇති දුරකථනයට ඇමතුමක් ගෙන විමසීමේදී ඇය ප්‍රකාශ කර ඇත්තේ තමා මිතුරකුගේ නිවෙසට පැමිණි බවයි

පාසල් වේලාව නිමවීමෙන් පසුව දැරිය මවට දුරකථන ඇමතුමක් ගෙන ප්‍රකාශ කර තිබුණේ තමා බණ්ඩාරගම බස් නැවතුම්පොළ අසල සිටින බවටයි.

පසුව මව දැරිය ද රැගෙන පොලිසියට පැමිණ මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා.

අනතුරුව පොලිස් නිලධාරිනියන් විසින් දැරිය ගෙන් ප්‍රකාශ ලබා ගැනීමේදී ඇය ප්‍රකාශ කර ඇත්තේ පසුගිය වෙසක් පොහෝ දින දන්සලක් අසලදී වස්කඩුව ප්‍රදේශයේ තරුණයකු හඳුනාගත් බවයි. එය ප්‍රේම සබඳතාවයක් බවට පත්වීමෙන් අනතුරුව ඔහුගේ ඉල්ලීම මත තමන් ඔහු හමුවට ආ බව දැරියගේ ප්‍රකාශයවලින් අනාවරණය වී තිබෙනවා.

එම තරුණයා දැරිය ත්‍රී රෝද රථයක නංවාගෙන බණ්ඩාරගම ගල්තුඩේ ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට ගිය බවටයි හෙළිවී ඇත්තේ.

ඒ අනුව එම නිවසට ගිය පොලිස් නිලධාරීන් එහි සිටි අඹු සැමි යුවළ අත්අඩංගුවට ගෙන අනාවරණය වූ තොරතුරු අනුව දැරිය රවටා අපහරණය කල තරුණයා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් 19 හැවිරිදි සැකකරු වස්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
47
+1
63
+1
15
+1
35
+1
13
+1
25
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආ නාමල් සංවේදි වෙයි
01:00
Video thumbnail
නිවුටන්ගේ නියමයෙන් මේක බේරගන්න බැහැ..නලින් බණ්ඩාරගෙන් සැර කතාවක්..
09:55
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13


?