පානදුර නගර සීමාවේ පිහිටි පාසල්වල විදුල්පතිවරයකු, ගුරුවරුන් සහ දරුවන් රැසක් ‘කොවිඩ්’ ආසාදිතයන් බවට පත්වීමෙන් පාසල් කීපයකම අංශ රැසක් වසා දමා ඇතැයි පානදුර සෞඛ්‍ය අංශ ප්‍රධානියෙක් පැවසීය.
මෙම පාසල් අතර පානදුර නගරයේ පිහිටි ප්‍රධාන පිරිමි පාසලක් ද වන බව කී එම නිලධාරියා එම පාසලේ ගුරුවරුන් සහ දරුවන් රැසක් ‘කොවිඩ්’ ආසාදනය වීම හේතුවෙන් මීට සතියකට පමණ පෙර එහි පන්ති කීපයක් වසා දැමූ බව ද සඳහන් කළේය.
පානදුර ප්‍රධාන මිශ්‍ර පාසලක ද ගුරුවරුන් කීපදෙනකු කොවිඩ් ආසාදිතයන් වීමෙන් හෙට (24) සිට එම පාසලේ පංති කීපයක් ද වසා තැබීමට තීරණය කළ බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
26




