පාසල් කාලය දීර්ඝ කිරීමට විරුද්ධව ගුරු සමිති, වෘත්තීය ක්‍රියාමාර්ගයකට ? (වීඩියෝ)

රජය විසින් සිදු කිරීමට යෝජනාකර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්ට අදාළව පාසල් කාලය පස්වරු 01.30 සිට පස්වරු 02.00 දකවා දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්, ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය විසින් අද (24) මාධ්‍ය හමුවක් කැඳවනු ලැබුවා.

එම සන්ධානයේ නියෝජිතයින් පවසා සිටියේ මෙම පාසල් කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගුරුවරුන්ගෙන් පමණක් නොව සමස්ත පාසල් පද්ධතියටම අදාළ පාර්ශවයන්ගෙන් විරෝධයක් එල්ලවෙමින් පවතින බවයි.

තමන්ට රජයේ පාර්ශවන් සමඟ නිසි අයුරින් මේ පිළිබද සාකච්ඡා කිරීමට අවස්ථාවක් නොලැබුණු බවත් අද (24) දිනයේ නිල වශයෙන් තම විරෝධය පිළිබඳව රජය දැනුවත් කිරීම සඳහා අදාළ පර්ශවන් වෙත ලිපියක් යොමු කිරීමට කටයුතු කරන බවට ද ඔවුන් සඳහන් කළා.

ඒ අනුව මෙම පාසල් කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් පිළිතුරක් නොවැම්බර් 07 වන දිනට පෙර ලැබිය යුතු බවත් එසේ නොවන්නේ නම් මීළග පාසල්වාරය, දෙසැම්බර් මාසය තුළ ආරම්භ වූ පසු වැඩවර්ජන එළඹෙන බවත් ඔවුන් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
2
+1
4
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධික උණුසුම් කාලගුණික තත්ත්වය නිසා ජනතාව දැඩි පීඩාවට පත් වී ඇති අයුරු
00:26
Video thumbnail
මරික්කාර් හදිසියේම ලයිව් ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ.."හොරකම පිළිගන්න හුරතල් වෙන්නේ නැතුව"
06:23
Video thumbnail
සම්බා, කීරි සම්බා හිඟය ගැන විශේෂ හෙළිදරව්වක්..අපි වැටලීම් අඛණ්ඩවම ක්‍රියාත්මක කරනවා
03:38
Video thumbnail
ආනයනය සඳහා පනවපු සෙස් බද්ද අප්‍රේල් ඉවත් කරනවද ?.. අප්‍රේල් 01, බද්ද 100% ඉවත් කරන්නේ නෑ
05:15
Video thumbnail
භාණ්ඩ සඟවගෙන ඉන්න අයට වැඩ වරදියි..පාරිභෝගික අධිකාරියෙන් විශේෂ වැඩළිවෙලක්
02:56
Video thumbnail
අනුරාධපුර ඉන්ධන බවුසර් හිමියන් වැඩ වර්ජනයක.."බොසාලා කිව්වා තෙල් අදින එක නවත්තන්න කියලා"
03:50
Video thumbnail
ටැංකි රථකරුවක් ඉන්ධන බෙදාහැරීම නවත්වයිද ?..සාධනීය පිළිතුරක් නැති වුණොත් තීරණයක් ගන්නවා
05:23
Video thumbnail
කොටියෙකු නිසා හිමිනමක් අපවත් වූ සිද්ධිය ගැන කරුණු රැසක් එළියට.."ලෙනට අපහසුවෙන් බඩගාගෙන ගිහින්"
05:36
Video thumbnail
වැටලීමකින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අතේ මාට්ටු
00:31
Video thumbnail
පොලිස් වැටලීමකින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අතේ මාට්ටු..ෆුල් Search එකක් දෙන හැටි
00:53