AFC Banner
Empty Ad
Empty Ad

පාසල් ආරම්භ වන දිනය සම්බන්ද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ගෙන් ඉඟියක්

ඔක්තෝබර් මාසය අවසන්වීමට ප්‍රථම පාසල් විවෘත කිරීම පිළිබඳව විශ්වාසයක් තැබිය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. 

රූපවාහිනී වැඩසටහනකට  එක්වෙමින් අධ්‍යාපන ලේකම්වරයා මේ බව සඳහන් කළේය. “ඔක්තෝබර් කියන එක සුබවාදීව හිතනවා. 

එහෙම වුණොත් දෙසැම්බර් මාසේ නිවාඩු දීමට අවශ්‍ය වෙන්නේ නෑ.” දැනට පවතින ගුරු ගැටලුව සම්බන්ධයෙන් ද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අදහස් පළ කළේය. 

 එහිදී අධ්‍යාපන ලේකම්වරයා ගුරුවරුන්ගෙන් ආයාචනයක් කරමින් සඳහන් කළේ, “ලෝක ළමා දිනය ඔක්තෝබර් පළමු වෙනිදා. මැද තැනකට ඇවිල්ලා එන්න වැඩට. ඔබ නැතුව කවදාවත් අපිට මේක කරන්න බෑ.

ඊට පස්සේ ගුරු දිනය 6 වනදා. ඒක කරේ නැත්නම්, ගුරු මෑණිවරුනි ගුරු පියවරුනි විදුහල්පතිවරුනි ලේකම්වරයා විදිහට මට වෙනවා කෙසේ හෝ පාසල් ටික පවත්වාගෙන යන්න.”  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?