පාසල්වල කුඩු, අයිස් අල්ලන්න පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ සහාය

පාසල් මට්ටමින් සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීම් හා සෝදිසි කිරීම් සඳහා පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ සහාය ලබාදීමට පොලීසිය සූදානම් බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.

ඒ, අනුව පාසල් මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය සෝදිසි මෙහෙයුම් හා පරීක්ෂා කිරීම් සඳහා පොලිස් නිල සුනඛයින්ගේ සහාය අවශ්‍ය වන්නේ නම් අදාල පාසලේ විදුහල්පති හෝ විදුහල්පතිනිය විසින් ශ්‍රී ලංකා පොලිසියේ නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සමඟ සම්බන්ධ වී අවශ්‍ය සහය ලබා ගැනීමට හැකියාව ඇති බවයි දැනුම් දෙන්නේ.

පාසල් ළමුන් ඉලක්ක කරගෙන සිදුකරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම මුලින් උපුටා දැමීම සඳහා සෑම අයුරින්ම පොලිසිය විසින් පාසල් කේන්ද්‍ර කරගනිමින් විවිධ වැඩසටහන් ආරම්භ කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

යම් පාසලක මත්ද්‍රව්‍ය සෝදිසි මෙහෙයුම් හා පරීක්ෂා කිරීම් සඳහා පොලිස් නිල සුනඛයින්ගේ සහාය අවශ්‍ය නම්
පොලිස් නිල සුනඛ කොට්ඨාසය අධ්‍යක්ෂවරයාගේ 071-8591816 / 081-2233429 යන දුරකථන අංක අමතා එම සහාය ලබාගත හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?