පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණූ කොටුවේ මුදලාලිට දඩ

පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ මහත්මිය නියම කළා.

පිටකොටුවේ වෙළදාමේ නියුතු පුද්ගලයකු ඊයේ (30 ) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී එම දඩ මුදල නියම කෙරුණු බවයි වාර්තා වන්නේ.

කොළඹ පිටකොටුව බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පොළ ඉදිරිපිට වෙළඳසැලක හිමිකරුවකු අදාළ චෝදනාවන්ට වරද පිළිගැනීමෙන් පසුව මෙලෙස දඩ මුදල් නියම කෙරුණු අතර ඉන් ඉදිරියට එසේ නොකරන මහෙස්ත්‍රාත්වරිය ලෙස දැඩිව අවවාද කළා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රධාන කාර්යාලය විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකිරීමේ දී සැකකරු අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීහු අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?