පාර්ලිමේන්තු සැසිවාරයක් සදහා ඉතා විශාල මුදලක් වැයවන අතර පසුගිය අයවැය විවාද කාලයේදී පාර්ලිමේන්තු රැස්වීම් වෙනුවෙන් රුපියල් කෝටි 20කට ආසන්න මුදලක් වැයවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරනවා.
මෙම වියදම් මන්ත්රීවරුන්, අමුත්තන්,නිලධාරීන් සහ සේවකයන්ට ආහාර පාන සැපයීම, ඉන්ධන විදුලිය ජලය, පඩි නඩි සහ දීමනා යනාදිය වෙනුවෙන් වැයවී ඇති බවයි වාර්තා වන්නේ.
අයවැය විවාදය පැවැත්වුණු මුළු දින ගණන 20කි.අයවැය විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගිය නොවැම්බර් මස 14 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය.ඉන් පසු අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 15 වැනිදා ආරම්භවී එම මස 22 වැනිදා දක්වා දින හතක කාලයක් පැවැත්විණ. අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 වෙනිදා ආරම්භවූ අතර විවාදය පසුගිය 8 වෙනිදා දක්වා දින 13 ක් පැවැත්වුණේය.
විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් පසුගිය 13 වැනිදා පැවැත්වුණු අතර ප්රශ්න අසන මන්ත්රීවරුන් මෙන්ම ප්රශ්නවලට පිළිතුරු ලබා දෙන ඇමැතිවරුන් බොහෝ දෙනකුද එදින සභාවට නොපැමිණ සිටියා.එම රැස්වීම සඳහාද රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැයවී ඇතැයි වාර්තා වන්නේ
