පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව අද,හෙට සහ අනිද්දා රැස්වෙයි – පෙත්සම් 06ක් විභාගයට

පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව අද (27) දිනයේ සිට දින 03ක් රැස්වීමට නියමිතව බව වාර්තා වනවා.

ඒ, අනුව විනය විරෝධි ලෙස හැසිරුණු බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 09 දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් 06ක් විභාග කිරීම මෙම දින තුන තුළ දී සිදුවනු ඇති.

චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම්වරයාට තර්ජනය කිරීමේ සිද්ධිය, ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය සහ සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරයා අතර ඇති වූ සිද්ධිය, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස විසින් සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට ඇති පැමිණිල්ල, රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්නට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල, අලි සබ්රී රහීම් මන්ත්‍රීවරයාට එරෙහි පැමිණිල්ල මෙම කමිටුවේ දී විභාග ගැනීමට නියමිතව තිබෙනවා.

ඊට අමතරව නිශාන්ත මන්ත්‍රීවරයා විපක්ෂනායකවරයාට සහ නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල ද චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ සභාපතිත්වයෙන් රැස්වෙන මෙම කමිටුවේ දී විභාගයට ගැනීමට නියමිතයි.

මේ අතර මෙම පෙත්සම් 06 සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනය සිදුකර අයවැය අවසන් වීමට ප්‍රථම තමා වෙත ඉදිරිපත් කරන ලෙස ද කථානායක මහන්ද යාපා අබේවර්ධන විසින් දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?