පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව අද,හෙට සහ අනිද්දා රැස්වෙයි – පෙත්සම් 06ක් විභාගයට

පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව අද (27) දිනයේ සිට දින 03ක් රැස්වීමට නියමිතව බව වාර්තා වනවා.

ඒ, අනුව විනය විරෝධි ලෙස හැසිරුණු බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 09 දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් 06ක් විභාග කිරීම මෙම දින තුන තුළ දී සිදුවනු ඇති.

චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම්වරයාට තර්ජනය කිරීමේ සිද්ධිය, ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය සහ සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරයා අතර ඇති වූ සිද්ධිය, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස විසින් සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට ඇති පැමිණිල්ල, රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්නට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල, අලි සබ්රී රහීම් මන්ත්‍රීවරයාට එරෙහි පැමිණිල්ල මෙම කමිටුවේ දී විභාග ගැනීමට නියමිතව තිබෙනවා.

ඊට අමතරව නිශාන්ත මන්ත්‍රීවරයා විපක්ෂනායකවරයාට සහ නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල ද චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ සභාපතිත්වයෙන් රැස්වෙන මෙම කමිටුවේ දී විභාගයට ගැනීමට නියමිතයි.

මේ අතර මෙම පෙත්සම් 06 සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනය සිදුකර අයවැය අවසන් වීමට ප්‍රථම තමා වෙත ඉදිරිපත් කරන ලෙස ද කථානායක මහන්ද යාපා අබේවර්ධන විසින් දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාරේ වාහන මැද්දේ යන දුම්රිය මැදිරි - භාණ්ඩ ප්‍රවාහන මැදිරි රැගෙන යන අයුරු
02:00
Video thumbnail
හැමෝම බලාගෙන හිටපු සිංහ පැටව් දෙන්නටත් නම් තියයි - දෙහිවල සත්වෝද්‍යානයට අවුරුදු 90යි
05:48
Video thumbnail
කල් ඉකුත්වූ අමුද්‍රව්‍ය යොදා බේකරි නිෂ්පාදන කළ වෙළෙඳ සැලක් වටලයි - කල් ඉකුත්වෙලා අවුරුදු 3ක් වෙනවා
01:26
Video thumbnail
ආණ්ඩුව කරන්න බැරිනම් දාලා යන්න - ගොවි පුතා රජ වුණාට පස්සේ ඇයි මෙහෙම අපහාස
07:22
Video thumbnail
දරුවන්ට නොමිලේ හෙල්මට් දුන්න දඹුල්ල පොලිසියේ උතුම් ක්‍රියාව - "ළමයින්ට හෙල්මට් නෑ තාත්තා දාගෙන"
04:26
Video thumbnail
ගොයියෝ කියන්නේ ටො#යියෝ බයියෝ නෙවෙයි - ගොයියා බහිනවා කියන්නේ බහිනවා තමයි
07:09
Video thumbnail
ගොවියෝ ඇවිත් රඹෑව ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි - ලේකම්තුමා නැට්ට පු# ගහගෙන ඉන්නේ
03:50
Video thumbnail
අධිකරණය ඉදිරියේ යකා නටපු මාලිමා පාක්ෂිකයා..පොලිසියෙන් පන්නයි - ශානි මහත්තයාට ජයවේවා
01:21
Video thumbnail
රටේ තියෙන හොඳම කණ්ඩායම ඉන්නේ දැන් සජබයේ - කුණුගොඩවල් කොහෙත්ම අවශ්‍ය වෙන්නේ නෑ
05:00
Video thumbnail
මහනුවර සිට පේරාදෙණියට මහ පාරේ යන්න සැරසෙන කෝච්චිය - අද ඇරඹෙන අසාමාන්‍ය මෙහෙයුම
02:55