පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව ඉහළට

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව වැඩිකර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.

ඒ, අනුව දුර බැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරයකුට ඉන්ධන සඳහා අමතර ලක්ෂ 02කට අසන්න මුදලක් අලුතින් ගෙවන බවයි වාර්තා වන්නේ.

අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් මේ අනුව හිමිවනු ඇති බව සඳහන්.

මන්ත්‍රීවරුන් සඳහා ඉන්ධනවලට ලබාදෙන දීමනාව පසුගිය ජුනි මාසය දක්වා ලබා දී ඇත්තේ පැරණි ඉන්ධන මිලට අනුව ගැළපීමෙන්.

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ මෙලෙස ඉන්ධන දීමනාව වැඩිකර ඇති අතර, පවතින ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන ඉන්ධන දීමනාව ඉහළ දමන ලෙසට මන්ත්‍රීවරුන් ගණනාවක් ඉල්ලීම්කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

එම ඉල්ලීම් සැළකිල්ලට ගෙන මෙලෙස ඉන්ධන සඳහා ගෙවන දීමනාව ඉහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ.

පවතින ඉන්ධන මිල සහ ඉන්ධන සපයා ගැනීමට ඇති අපහසුතාව හේතුවෙන් දුර බැහැර මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු පාර්ලිමේන්තු සභාවාරයන් සඳහා එක් නොවූ බවට ද තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27