spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව ඉහළට

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව වැඩිකර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.

ඒ, අනුව දුර බැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරයකුට ඉන්ධන සඳහා අමතර ලක්ෂ 02කට අසන්න මුදලක් අලුතින් ගෙවන බවයි වාර්තා වන්නේ.

අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් මේ අනුව හිමිවනු ඇති බව සඳහන්.

මන්ත්‍රීවරුන් සඳහා ඉන්ධනවලට ලබාදෙන දීමනාව පසුගිය ජුනි මාසය දක්වා ලබා දී ඇත්තේ පැරණි ඉන්ධන මිලට අනුව ගැළපීමෙන්.

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ මෙලෙස ඉන්ධන දීමනාව වැඩිකර ඇති අතර, පවතින ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන ඉන්ධන දීමනාව ඉහළ දමන ලෙසට මන්ත්‍රීවරුන් ගණනාවක් ඉල්ලීම්කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

එම ඉල්ලීම් සැළකිල්ලට ගෙන මෙලෙස ඉන්ධන සඳහා ගෙවන දීමනාව ඉහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ.

පවතින ඉන්ධන මිල සහ ඉන්ධන සපයා ගැනීමට ඇති අපහසුතාව හේතුවෙන් දුර බැහැර මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු පාර්ලිමේන්තු සභාවාරයන් සඳහා එක් නොවූ බවට ද තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?