පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් හෙට

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී හෙට (08) පස්වරු 12.30ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා මෙම විශේෂ රැස්වීම පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර 2023 මුදල් වර්ෂය සඳහා වන අයවැය ජනාධිපතිවරයා විසින් ලබන 14 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අයවැය විවාද ඊට පසු දින ආරම්භ කෙරෙන බවයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?