පාර්ලිමේන්තුව ලබන 17 සිට 20 දක්වා දින 4ක් රැස්වේ

පාර්ලිමේන්තුව ලබන 17 සිට 20 වැනිදා දක්වා රැස්වීමට අද (13) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසනවා.

මෙම සෑම දිනකම පාර්ලිමේන්තුව පෙරවරු 9.30ට රැස්වන අතර 20 වැනි සිකුරාදා හැර සෑම දිනකම පෙරවරු 9.30 සිට 10.30 දක්වා කාලය වෙන්කර ඇත්තේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහායි.

ලබන 17 වැනි අගහරුවාදා පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2307/12 සහ 2308/26 යන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද රෙගුලාසි ද විදේශ විනිමය පනත යටතේ අංක 2308/51 දරන ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග ද විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කර ගැනීමට නියමිතයි.

ඉන් අනතුරුව පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත් ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මාකර් මහතා විසින් ඉදිරිපත් කරන ලද පළාත් පාලන ආයතන මැතිවරණ (සංශෝධන) පනත් කෙටුම්පත (අංක 126) සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත විසින් ඉදිරිපත් කරන ලද පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත (අංක 160) දෙවනවර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කිරීමට නියමිතව තිබෙනවා.

ඉන්පසු පස්වරු ව 5.00 සිට 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවට අනුව විවාදය පැවැත්වීමට නියමිතයි.

ජනවාරි 18 වැනි බදාදා පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා.

ව්‍යවස්ථාපිත ආයතන කිහිපයකට අදාළව පාර්ලිමේන්තුවේ අමාත්‍යාංශයීය උපදේශයක කාරක සභාවල අනුමතිය හිමිව ඇති වාර්ෂික වාර්තා සම්බන්ධ යෝජනා 22 ක්ද අනතුරුව අනුමතිය සදහා ඉදිරිපත් කිරීමට ද නියමිතයි.

අනතුරුව එදින පස්වරු 5.00 සිට 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කර තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමක් ලබන 18 වැනිදා ප.ව 1.00 ට පැවැත්වීමටත් මෙහිදී එකඟත්වය පළවී ඇති අතර එහිදී කාරක සභාව තීරණය කළහොත්, ලබන 19 වැනිදා පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම විවාදයට ගැනීමට නියමිතයි.

අනතුරුව එදින පස්වරු 5.00 සිට 5.30 දක්වා ආණ්ඩු පාර්ශවය ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව අනුව විවාදය පැවැත්වීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා.

ජනවාරි 20 වැනි සිකුරාදා පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා කාලය අභාවප්‍රාප්ත මන්ත්‍රීවරයන් වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීම සඳහායි වෙන්කර ඇත්තේ.

මේ අනුව අභාවප්‍රාප්ත මන්ත්‍රීවරයන් වන උපාලි මර්වින් සෙනරත් දසනායක, වෛද්‍) නෙවිල් ආතර් ප්‍රනාන්දු, ගුණරත්න වීරකෝන් සහ රාජා කොල්ලුරේ යන මහත්වරුන් වෙනුවෙන් ශෝක යෝජනා පළ කිරීමට නියමිත බවද මහලේකම්වරයා ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56