පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනක ම උදෑසන නාඩගමක් – අගමැති දිනේෂ්

විපක්ෂ නායකවරයා ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ඇසීමේදී ස්ථාවර නියෝග අවභාවිත කර ඇතැයි, එමනිසා ඒ සම්බන්ධයෙන් කථානායකවරයා තීරණයක් ලබාදිය යුතු බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී අද (01) අවධාරණය කළා.

ඔහු මෙම අදහස් පළ කළේ, විපක්ෂ නායකවරයා 27-2 යටතේ නියමිත ප්‍රශ්නය ඇසීමේ දී ඒ සමගම වෙනත් ප්‍රශ්නයක් ඇසූ බවත් එම නිසා කුමන ප්‍රශ්නයකට පිළිතුරු දියයුතු දැයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර කථානායකවරයාගෙන් විමසූ අවස්ථාවේදීයි.

ඒ, අනුව ලබාදී ඇති 27-2 ප්‍රශ්නයට අමතරව තවත් 27-2 ප්‍රශ්නයක් ඇද්දැයි ඇසූ අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා මේ සම්බන්ධයෙන් එක් නියෝගයක් ලබාදිය යුතු බවත්, එය හෙට (02) සිට හෝ ක්‍රියාත්මක කරවිය යුතු බවත් අවධාරණය කළා.

කථානායකවරයාට හෝ විපක්ෂ නායකවරයාට අවශ්‍ය නම් ස්ථාවර නියෝග අවභාවිත කළ හැකි වුවත්, ආණ්ඩු පක්ෂයට එසේ කළ නොහැකි බව ද, තමන් පාර්ලිමේන්තුවෙන් ඉවත් වන දිනක, අදාළ ස්ථාවර නියෝග අනාගතයට ආරක්ෂාකර දී යා යුතු බවද අග්‍රාමාත්‍යවරයා පැවසුවා.

ගිනි ගැනීමක් වැනි හදිසි අවස්ථාවක් ගැන විපක්ෂ නායකවරයාට හදිසි ප්‍රශ්න ඇසිය හැකි වුවත්, පාර්ලිමේන්තුව තුළ හිතුවක්කාරී ලෙස කටයුතු කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන ලෙසත් ඔහු කථානායකවරයාගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියා.

පාර්ලිමේන්තුව විහිළුවට ලක් නොකරන ලෙසත්, නාඩගමක් නොකරන ලෙසත්, පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනක ම උදෑසන නාඩගමක් මෙන් පෙනෙන බවත්, දේවාලයේ නැටුමක් මෙන් මෙය ක්‍රියාත්මක කළ නොහැකි බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආ නාමල් සංවේදි වෙයි
01:00
Video thumbnail
නිවුටන්ගේ නියමයෙන් මේක බේරගන්න බැහැ..නලින් බණ්ඩාරගෙන් සැර කතාවක්..
09:55
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13


?