පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනක ම උදෑසන නාඩගමක් – අගමැති දිනේෂ්

විපක්ෂ නායකවරයා ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ඇසීමේදී ස්ථාවර නියෝග අවභාවිත කර ඇතැයි, එමනිසා ඒ සම්බන්ධයෙන් කථානායකවරයා තීරණයක් ලබාදිය යුතු බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී අද (01) අවධාරණය කළා.

ඔහු මෙම අදහස් පළ කළේ, විපක්ෂ නායකවරයා 27-2 යටතේ නියමිත ප්‍රශ්නය ඇසීමේ දී ඒ සමගම වෙනත් ප්‍රශ්නයක් ඇසූ බවත් එම නිසා කුමන ප්‍රශ්නයකට පිළිතුරු දියයුතු දැයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර කථානායකවරයාගෙන් විමසූ අවස්ථාවේදීයි.

ඒ, අනුව ලබාදී ඇති 27-2 ප්‍රශ්නයට අමතරව තවත් 27-2 ප්‍රශ්නයක් ඇද්දැයි ඇසූ අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා මේ සම්බන්ධයෙන් එක් නියෝගයක් ලබාදිය යුතු බවත්, එය හෙට (02) සිට හෝ ක්‍රියාත්මක කරවිය යුතු බවත් අවධාරණය කළා.

කථානායකවරයාට හෝ විපක්ෂ නායකවරයාට අවශ්‍ය නම් ස්ථාවර නියෝග අවභාවිත කළ හැකි වුවත්, ආණ්ඩු පක්ෂයට එසේ කළ නොහැකි බව ද, තමන් පාර්ලිමේන්තුවෙන් ඉවත් වන දිනක, අදාළ ස්ථාවර නියෝග අනාගතයට ආරක්ෂාකර දී යා යුතු බවද අග්‍රාමාත්‍යවරයා පැවසුවා.

ගිනි ගැනීමක් වැනි හදිසි අවස්ථාවක් ගැන විපක්ෂ නායකවරයාට හදිසි ප්‍රශ්න ඇසිය හැකි වුවත්, පාර්ලිමේන්තුව තුළ හිතුවක්කාරී ලෙස කටයුතු කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන ලෙසත් ඔහු කථානායකවරයාගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියා.

පාර්ලිමේන්තුව විහිළුවට ලක් නොකරන ලෙසත්, නාඩගමක් නොකරන ලෙසත්, පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනක ම උදෑසන නාඩගමක් මෙන් පෙනෙන බවත්, දේවාලයේ නැටුමක් මෙන් මෙය ක්‍රියාත්මක කළ නොහැකි බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

  1. SAJITH LOKKA DAN DAN MEEGULA TIKA TIKA AWUSSANA PATAN ARAN. HEBAYI OKE INNA NAKI HAMPADA MEEYO HENA KAPATI HATHTHAK, EKANE THAMA ARUGE WALLE ELLILA INNE. DALA YANNEMA NAHE, CHANDEKIN UNATH KOHOMA HARI EYI, BERI UNOTH LIST EKEN EYI, EYITH BERINAM CHIT EKEN EYI EHEWU MUSALAYO SET EKAK THAMAYI 89 SAHA, 95 APU MUSALAYO SET EKA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14