AFC Banner
Empty Ad
Empty Ad

පාර්ලිමේන්තුව රැස්වන්නේ 21 වැනිදා පමණයි

අගෝස්තු මස දෙවැනි රැස්වීම් සතියේ පාර්ලිමේන්තුව 21 වැනි බදාදා පමණක් රැස්වීමට තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගිය 08 වැනිදා රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මෙම තීරණය ගත් බවයි.

මේ අනුව අගෝස්තු 21 වැනි බදාදා පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.

පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා සුරාබදු ආඥා පනත යටතේ අංක 2366/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නිවේදනය සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2387/38 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?