පාර්ලිමේන්තුව ජූලි 22 සිට 25 දක්වා රැස්වෙයි

ජූලි 22 සිට 25 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට අදාළ පාර්ලිමේන්තු කටයුතු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය වූ බව පාර්ලි‍මේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය නිවේදනය කරනවා.

ඒ අනුව පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති බවයි වාර්තා වන්නේ.

පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.

ඒ අනුව ජූලි 22 වැනි අඟහරුවාදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා, සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත (2005 අංක 36 දරන පනත සංශෝධනය සඳහා), සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත් කෙටුම්පත (2016 අංක 4 දරන පනත සංශෝධනය සඳහා) සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට
මෙහිදී තීරණය වී තිබෙනවා.

සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) සහ සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත් කෙටුම්පත් දෙකට එරෙහිව ගොනුකළ පෙත්සම්වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව මෙම පනත් කෙටුම්පත් ත්‍රිත්වයම විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කිරීමට නියමිත බව ද
මහලේකම්වරිය සඳහන් කළා.

ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 6.00 දක්වා විපක්ෂය ගෙනෙනු ලබන යෝජනාවකට අනුව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමටටත් මෙහිදී එකඟත්වය පළ වී තිබෙනවා.

ජූලි 23 වැනි බදාදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සඳහා විවාදයට ගැනීමට නියමිතයි.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබෙනවා.

ජූලි 24 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 11.00 සිට ප.ව 5.00 දක්වා ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වී ඇති අතර ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන යෝජනාවට අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතයි.

ජූලි 25 වැනි සිකුරාදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කාලය වෙන් කර තිබෙනවා.

මේ අනුව අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ආර්. සම්පන්දන්, අබේරත්න බණ්ඩාර හේරත් පිලපිටිය, ඩබ්.බී ඒකනායක, ලකී ජයවර්ධන සහ මාලනී ෆොන්සේකා යන මහත්ම මහත්මීන් වෙනුවෙන් මෙලෙස ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබෙන බවත් සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18