පාර්ලිමේන්තුවේ කුස්සිය නරකාදියක් – කතානායක

පාර්ලිමේන්තුව ආරම්භ වූ දා සිට මේ දක්වාම වසර හතළිහකින් එහි මුළුතැන්ගෙය පරීක්ෂාවට ලක්ව නොතිබූ බව කතානායක ජගත් වික්‍රමරත්න පවසනවා.

ඒ, අනුව පසුගිය අප්‍රේල් මාසයේ දී තමා මහජන පරීක්ෂකවරුන් කැඳවා පාර්ලිමේන්තු මුළුතැන්ගෙය පරීක්ෂාවට ලක්කළ බවයි ඔහු සඳහන් කළේ.

එම පරීක්ෂාවේ දී පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි අපිරිසිදු තත්ත්වය පිළිබඳව හොඳින්ම දැකගත හැකි වූ බවයි කතානායකවරයා පවසා සිටියේ.

පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙය ඉතාම අපිරිසුදු නරකාදියක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වාර්තාවෙන් තහවුරු වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලබා දී තිබූ පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙයි වාර්තාව පාර්ලිමේන්තු ගෘහකාරක සභාවට පසුගියදා ඉදිරිපත් කළ බවත් කතානායකවරයා පැවසුවා.

මේ අතර විශේෂ කමිටු පත් කර පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙයි තත්වය නැති කිරීමට කටයුතු කරගෙන යන බවත් කතානායක ජගත් වික්‍රමරත්න සඳහන් කර සිටියා.

පොළොන්නරුව සහ කදුරුවෙල ආහාර නිෂ්පාදනය ආයතන ශ්‍රේණිගත කිරීම සම්බන්ධයෙන් පොළොන්නරුවේ පැවැති වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?