පාර්ලිමේන්තුවේ ඉදිරි වැඩකටයුතු ගැන දැනුම්දීමක්

පාර්ලිමේන්තුව ජුනි 23 සිට 26 දක්වා රැස්වීමට නියමිත බව වැඩබලන පාර්ලිමේන්තුවේ මහ ලේකම් හංස අබේරත්න පවසනවා.

පාර්ලිමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී තිබෙනවා.

පාර්ලිමේන්තුව රැස් වන මෙම සෑම දිනකම පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබෙනවා.

පෙ.ව 10.00 සිට පෙ.ව. 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට
පෙ.ව 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.

මේ අනුව, 2026 ජුනි 23 අඟහරුවාදා පෙ. ව 11.30 සිට ප.ව 5.00 දක්වා එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ අංක 2482/09 සහ 2487/02 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කරනු ලැබූ නියමයන් දෙකක් සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2487/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි අනුමැතිය පිණිස විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

අනතුරුව ප.ව 5.00 ට පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක විසින් ඉදිරිපත් කරන ලද “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පත” නැමැති පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත දෙවැනි වර කියවා සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කිරීමට නියමිතයි. (මෙහිදී විවාදයක් නොපැවැත්වේ)

ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා කාලය විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීම සඳහා වෙන් කර තිබෙනවා.

2026 ජුනි 24 බදාදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා ජාතික පාරිසරික (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.

ඉන් පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබෙනවා.

2026 ජුනි 25 බ්‍රහස්පතින්දා පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන යෝජනාවට අනුව මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව සටන් කිරීම පිළිබඳ කල් තැබීමේ විවාදය පැවැත්වීමට තීරණය වී තිබෙනවා.

2026 ජුනි 26 සිකුරාදා පෙ. ව 11.30 සිට ප.ව 2.00 දක්වා ශ්‍රී ලංකා විදුලිබල පනත යටතේ අංක 2478/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය අනුමත කිරීම පිණිස විවාදයට ගැනීමට නියමිතයි.

අනතුරුව ආණ්ඩු පාර්ශ්වය විසින් 2026.06.25 දින ඉදිරිපත් කරනු ලැබු මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව සටන් කිරීම පිළිබඳ කල් තැබීමේ යෝජනාව, ප.ව 2.00 සිට ප.ව 5.30 දක්වා තවදුරටත් විවාදයට ගැනීමට තීරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17