පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙති

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ස්වර්ගස්ථ වන විට උන් වහන්සේ 88 වන වියේ පසු වුණා.

වතිකානුවේ කැසා සැන්ටා මාර්ටා හි පිහිටි නිවසේදී උන්වහන්සේ ස්වර්ගස්ථ වූ බවයි වතිකානය නිවේදනය කළේ.

ඊයේ (20) දිනයේ දී ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයට ද උන්වහන්සේ එක්ව සිටියා.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් උන්වහන්සේ පසුගිය පෙබරවාරි මාසයේ 14 වනදා රෝහල්ගත කරනු ලැබුවා.

එහිදී දින 38ක කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව පාප් වහන්සේ පසුගිය මාර්තු මාසයේ රෝහලෙන් පිටව ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
3
+1
0
+1
11
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?