පාපන්දු පිටියේ රජුන් සොයන පාපන්දු ලෝක කුසලානය අද සිට

ලෝකයට පාපන්දු වසන්තය ගෙන එමින් 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අද (20) සිට ආරම්භ වනවා.

මෙවර පාපන්දු ලෝක කුසලානයට සත්කාරකත්වය කටාර් රාජ්‍ය දරණ අතර, කොරියාවේ සහ ජපානයේ 2002 වසරේ පැවති
පාපන්දු ලෝක කුසලානයෙන් පසුව ආසියාවේ පැවැත්වෙන පළමු පාපන්දු ලෝක කුසලාන තරගාවලිය මෙය වීම ද විශේෂත්වයක්.

වසර හතරකට වරක් පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට මෙවර කණ්ඩායම් 32ක් එක්වනවා.

මූලික වටයේ දී කාණ්ඩ 08කින් එම කණ්ඩායම් 32ක තරග වැදීමට නියමිත අතර මෙවර තරගාවලියේ පැවැත්වෙන සමස්ත තරග සංඛ්‍යාව 64 ක්.

මැද පෙරදිග පැවැත්වෙන කුළුදුල් ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලෙසට ඉතිහාස ගතවන මෙවර තරගවලිය අද (20) ආරම්භ වී දෙසැම්බර් මස 18 වනදා දක්වා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

ලෝකයේ ජනප්‍රියතම ක්‍රීඩාව ලෙසින් ප්‍රසිද්ධියක් උසුලන පාපන්දු ක්‍රීඩාවේ ලෝක ශූරයින් වෙනුවෙන් මෙවර වෙන්කර ඇති ත්‍යාග මුදල අමෙරිකානු ඩොලර් මිලියන 440 ක්.

එම ත්‍යාග මුදල දැක්වෙන්නේ පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ ජයග්‍රාහකයින් වෙනුවෙන් පිරිනම වැඩිම ත්‍යාග මුදල ලෙසයි.

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සමාරම්භක උත්සවය අද (20) මෙරට වේලාවෙන් පස්වරු 7.30 ට ආරම්භ වීමට නියමිත අතර තරගාවලිය අරඹමින් සත්කාරක කටාර් රාජ්‍ය සහ ඉක්වදෝරය තරග වැදීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පූජිත්ට සහ හේමසිරිට දුන්න තීන්දුව ගැන කියලා දිලීප පීරිස්ගෙන් සැර කතාවක් - මේ ඉන්නේ අපරාධකරුවන් එක්ක
13:17
Video thumbnail
මහවැලි, කොත්මලේ අපේ හදවත වගේ - ජීවිතයක ගාණ ලක්ෂ 50ක් දීලාවත් මනින්න බෑ
04:57
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි
01:09
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා
01:04
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
00:56
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා - මිනිස්සු හතරවටේ දුවයි
01:52
Video thumbnail
නාමල් සහ ඔහුගේ බිරිඳ ආශිර්වාද ලබා ගන්න මයුරපති කෝවිලට එයි - මිනිස්සු නාමල්ව පිළිගත්ත හැටි
01:17
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි - පලායද්දී කොටුවෙලා
01:46