පාපන්දු නිලවරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා ගොනු කළ පෙත්සම විභාගයට අවසර

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට තේරී පත් වූ සභාපති ශ්‍රී රංගා ඇතුළු නව නිලධාරී මණ්ඩලය තෝරාගත් නිලවරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද අවසර ලබා දුන්නා.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිල වරණය නීති විරෝධී යැයි සදහන් කරමින් එහි හිටපු සභාපති ජස්වර් උමර් මහතා ගොනු කල රිට් පෙත්සමක් අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද දෙවන දිනටත් සලකා බැලුණා.

ඉන් අනතුරුව පෙත්සම විභාගයට ගැනීමට තීන්දු කළ විනිසුරු මඩුල්ල පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රොෂාන් රණසිංහ ඇතුළු වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කළා.

කෙසේ වෙතත් නව නිලධාරි මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය අත්හිටුවීමේ අතුරු නියෝග කිසිවක් අධිකරණය විසින් නිකුත් කළේ නැහැ.

ඉන් අනතුරුව මෙම නඩුවට අදාල විරෝධතා තිබේ නම් ඒවා පෙබරවාරි මස 03 වන දා ගොනුකරන ලෙස වග උත්තරකාර ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු පිරිසට නියෝග කළ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඊට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් පෙබරවාරි මස 10 ගොනු කරන ලෙසටයි පෙත්සම්කාර පාර්ශ්වයට නියම කළේ.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය පෙබරවාරි මස 21 වනදා සිදු කරන බවත් විනිසුරු මඩුල්ල දැනුම් දෙනු ලැබුවා.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය පසුගිය 14 වනදා පැවැති අතර එහි සභාපති තනතුරට තරඟ කිරීම සඳහා තමන් නාම යෝජනා බාර දුන් බවත් නාම යෝජනා කමිටුව එය පිළිගත් බව ද පෙත්සම්කරු දැනුම්දී තිබෙනවා.

පසුව තමන්ට සුදුසුකම් නොමැති බව පවසමින් එම තනතුරට තරඟ වැදීමට බලධාරීන් අවස්ථාව නොදුන් බවයි පෙත්සම්කරු චෝදනා කළේ.

අනතුරුව විරුද්ධ පාර්ශවයෙන් ඉදිරිපත් වූ වගඋත්තරකාරජේ.ශ්‍රී රංගා වැඩි ජන්ද 03කින් එම සම්මේලනයේ සභාපති ලෙස තේරී පත් වූ බව පෙත්සම්කරු සඳහන් කර තිබෙනවා.

මේ තුළින් තමාට දැඩි අසාධාරණයක් සිදුවු බවයි පෙත්සම්කරු ප්‍රකාශ කර ඇත්තේ.

එබැවින් එම නිලවරණයේ ප්‍රතිපල අවලංගු කර අලුතින් නිලවරණයක් පැවැත්වීමට පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙසට පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40