ගිනියාවේ දෙවන විශාලතම නගරය වන ඇන්සරිකෝ හි පැවති පාපන්දු තරඟයකදී රසිකයින් අතර ඇති වූ ගැටුමකින් 100 දෙනෙක් පමණ මියගොස් ඇති බව වාර්තා වනවා.
විදෙස් වාර්තා සඳහන් කරන්නේ ඇන්සරිකෝ හි රෝහල්වල මෘත ශරීරාගාරය එම මෘත ශරීරවලින් පිරී ඇති බවයි.
මෙම ගැටුමෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර, එම සංඛ්‍යාව ගණන් බලා නැහැ.
කෙසේ වෙතත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි විදෙස් වාර්තා පවසන්නේ.
පාපන්දු තරගයේ විනිසුරුගේ තීරණයකින් පසු රසිකයින් පිටිය ආක්‍රමණය කිරීමත් සමඟ මෙම ගැටුම ආරම්භ වී තිබෙනවා.
කෙසේ වෙතත් විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම තරගය 2021 වසරේ දී කුමන්ත්‍රණයකින් බලය අල්ලාගෙන ජනාධිපති ලෙස පත් කර ගත් ගිනියාවේ ජුන්ටා නායක මාමාඩි ඩොම්බුයා වෙනුවෙන් සංවිධානය කළ තරගයක් බවයි.