පාන් මිල රුපියල් 10කින් පහළට

පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය එකඟතාව පළකළ බව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය නිවේදනය කරනවා.

එමෙන්ම අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද අඩු කිරීමට ද එම සංගමය එකඟතාව පළකළ බවයි වෙළඳ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර තිරිඟු පිටි සමාගම් විසින් අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් පිටි මිල රුපියල් 10කින් අඩු කිරීමට ඊයේ (17) තීරණය කළා.

ඒ, රජයේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින්.

3 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?